ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජයග්‍රාහී 60 වසරක විශිෂ්ටත්වය සමරමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය හා රෝහල් ගාස්තු රක්ෂණ අවශ්‍යතා ආවරණය කිරීම සඳහා ‘Medi 60’ සුවිශේෂ ජ්‍යෙෂ්ඨ පුරවැසි සෞඛ්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය සඳහා දක්වා ඇති දායකත්වය අගයමින් සහ වයස් සීමාවන් හේතුවෙන් රක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇති සීමාවන් හඳුනාගනිමින් ජ්‍යෙෂ්ඨ පරම්පරාව සඳහා උපහාරයක් ලෙස මෙම රක්ෂණ සැලසුම හඳුන්වා දෙන ලදී.
ලෝක බැංකු දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 12.3%ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවන අතර, ඒ අනුව දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම වැඩිහිටි අනුපාතයක් ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
රටේ වැඩිම වැඩිහිටි ප්‍රතිශතය බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 31.7%කි. අවම ප්‍රතිශතය උතුරු පළාතෙන් වාර්තා වන අතර එය 4.8%කි. ඉදිරි වසර 15වැනි කෙටි කාලයකදී ශ්‍රී ලාංකිකයන්ගෙන් 25%ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වේ.