දෙස් විදෙස් ක්‍රීඩා ජයග්‍රහණ අත්කර ගැනීමේ විභවයක් සහිත යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මහජන අවධානය ලබාදෙමින් ඔවුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා නිර්මාණය කළ Next Olympic Hope වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමූහය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් මීට පෙර දියත් කළ NOCSL-CRYSBRO Next Champ වැඩසටහනේ දිගුවක් ලෙස (extension program) ක්‍රියාත්මක වන මෙම වැඩසටහන NOCSL-CRYSBRO Next Champ ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනා වෙත දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන්ගේ සහාය ලබාගැනීම සඳහා නිර්මාණය කළ වැඩසටහනක් වේ. ක්‍රිස්බ්‍රෝ සමූහය සිය රූපවාහිනි වැඩසටහන හරහා ග්‍රාමීයව වෙසෙන අඩු වරප්‍රසාද යටතේ දේශීය හා ජත්‍යන්තර අවධානය දිනාගත් යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනකු මෙරට ජනතාවට හඳුන්වාදෙන ලදී.
ඔවුන් අතුරින් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ගෙනයා හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා NOCSL-CRYSBRO Next Champ වැඩසටහන යටතේ ක්‍රීඩා ශිෂ්‍යත්ව පිරිනමමින් ඔවුන් ජයග්‍රහණ සඳහා සූදානම් කරවීම අරඹා ඇත.