Business
‘‘Park & Ride’’ නාගරික බස් සේවාව SLT-MOBITEL සබඳතා බලගැන්වෙයි
Published
2 months agoon
By
Sithija
ප්‍රවාහන අමාත්‍යංශය විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම ප්‍රවාහන සංකල්පයක් වනPark and Ride නාගරික බස් සේවාවට, වයිෆයි පහසුකම් හා සන්නාමකරණ සැපයීම වෙනුවෙන් SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත්තේය. නව බස් රථ සේවාව 2021 ජනවාරි 15 වැනිදා හඳුන්වාදෙන ලද අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) සභාපති කිංග්ස්ලි රණවක, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ SLT-MOBITEL ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
සිය සන්නාම ඒකාබද්ධකරණය මගින් ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස සිය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයීමට SLT-MOBITEL සමූහයට හැකිවී තිබේ. විශේෂයෙන් ම මෙම නාගරික බස් රථ සේවාවට පහසුකම් සැලසීම තුළින් අනාගත සන්නිවේදන සබඳතා හා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වෑයම තුළ තවත් එක් ඉදිරිගාමී පියවරක් තැබීමට SLT-MOBITEL සමත්විය.
මෙම නවතම නාගරික බස් සේවාව හඳුන්වාදෙනු ලැබුවේ කොළඹ නගරය තුළ මාර්ග තදබදය අවම කරමින් ආරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අරමුණෙනි. මෙම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව දිනපතා පෙ.ව. 6 සිට පෙ.ව. 9 දක්වා සෑම මිනිත්තු 15කට වරක්ම බස් රථ ක්‍රියාත්මක වන අතර පෙ.ව. 9ට පසු පස්වරු 8 දක්වා මිනිත්තු 30ට වරක් බැගින් ක්‍රියාත්මක වේ.
You may like
SLT – මොබිටෙල් නවීනතම ප්‍රා.කාර්යාලයක් මාතරටත්
මොබිටෙල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පහේ ශිෂ්‍යත්ව පාසල් අයදුම් ඩිජිටල්කරණය කරයි
සෙලාන් බැංකුවේ SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් යාවත්කාලීන වීම දැන් එවලේම
Unitown Residencies නිවැසියන්ට SLT Fibre පරිපූර්ණ ස්මාට් ඩිජිටල් අත්දැකීමක්
SLT සහ මොබිටෙල් ලංකාගම ග්‍රාමය ඩිජිටල්කරණය කිරීම සාර්ථකව අවසන් කරයි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
