මහජන බැංකුවේ සියඹලාණ්ඩුව සේවා මධ්‍යස්ථානය අංගසම්පූර්ණ බැංකු ශාඛාවක් බවට පත්කර විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. මෙය මහජන බැංකුවේ 364 වන ශාඛාවයි.
සියඹලාණ්ඩුවේ ප්‍රදේශයේ ජනතාවට වඩාත් දියුණු ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් සමගින් පරිපූර්ණ තැන්පතු සහ ණය සේවාවන් රැසක් පිරිනැමීමේ අරමුණින් විවෘත කෙරුණු මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකය (Self Banking Unit) තුළින් මුදල් ආපසු ගැනීමේ සහ මුදල් තැන්පත් කිරීමේ පහසුකම් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, මොනරාගල ප්‍රාදේශීය කළමනාකාර සමන් රත්නායක, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන් වන එම්.එම්.ඒ. අමරසිරි සහ ආර්.එම්.පී. රත්නායක, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් වර්ණකුලසූරිය, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක, සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවින්ද්‍ර හේරත්, ශාඛා කළමනාකාරිනි අචලා රත්නායක යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.
මෙය වර්තමානයේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය මත රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව විවෘත කෙරිණි.