පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රෛයි භාෂික ජංගම යෙදුමක් (Mobile app) හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි.
ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂ අංග රාශියක් PLC Touch යෙදුමට ඇතුළත් වේ.
මෙම ජංගම යෙදුම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවන් විසින්ම නිර්මාණය කරන ලද්දක් බවත්, එමගින් විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකි වූ බවත් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ – සමූහ අංශයේ ප්‍රභාත් ගුණසේන මහතා පෙන්වා දුන්නේය.