දේපළ හා මූල්‍ය ක්ෂේත්‍රයන්ගේ විවිධ අංශ කරා විහිද ගිය ශ්‍රී ලංකාවේ විශාලතම දේපළ වෙළෙඳ සමාගම ලෙස සිය කීර්තිනාමය එලෙසම රඳවා ගනිමින් ප්‍රයිම් සමූහය LMD සඟරාව මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය සඳහා 2021 වසරේදීද අඛණ්ඩව සිවුවැනි වරටත් එක්වීමට සමත් විය.
දේශීය දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ මූල්‍ය ශක්තියෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රයිම් සමූහය මෙම නාමාවලියේ “දේපළ වෙළෙඳ ක්ෂේත්‍ර” ජයග්‍රහණය (Real Estate Sector Winner) හිමිව තිබේ. දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ නායකත්වය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික ආයතන නාමාවලිය තුළ ආයතන 134ක් අතුරින් 66 වැනි ස්ථානය ප්‍රයිම් සමූහයට හිමිව තිබේ.
වසර 26කට ආසන්න සිය ආයතනික ගමන්මග තුළ මෙරට දේපළ වෙළෙඳාමේ අභිවෘද්ධිය නව ප්‍රමිතිකරණයෙන් හඳුන්වා දෙමින් ප්‍රයිම් සමූහය දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රගමනයේ ප්‍රධානතම බලවේගය බවට පත්ව සිටී. විවිධාංගීකරණය වූ ව්‍යාපාර රැසකින් සැදුම්ලත් ප්‍රයිම් සමූහය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් වන Prime Lands Residencies PLC, Prime Finance PLC සහ HNB Finance PLC යන සමාගම් අයත් වන අතර Prime Homes Australia සහ Bhoomi Realty යන සමාගම්ද අයත් වේ.