ශ්‍රී ලංකාව පුරා LANKAQR පදනම් කරගත් ගෙවීම් පිළිගැනීම හා භාවිත කිරීම සඳහා වන දිගුකාලීන ප්‍රයත්නයෙහි තවත් පියවරක් සනිටුහන් කරමින් සම්පත් බැංකුව පසුගියදා දම්රෝ සමූහය වෙත LANKAQR ගෙවීම් පිළිගැනීමේ අවස්ථාව උදාකර දෙන ලදී. ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති දම්රෝ ප්‍රදර්ශනාගාරයන් තුළින් LANKAQR භාවිත කරමින් මුදල් හා සම්බන්ධතා රහිත ගෙවීම් සිදුකිරීමට හැකි වනු ඇත. මෙහිදී දම්රෝ ප්‍රදර්ශනාගාරයන්හි ස්ථාපිත කර ඇති PoS යන්ත්‍ර තිරයේ දිස්වන QR කේතය ස්කෑන් කර Sampath WePay වැනි LANKAQR පහසුකම සහිත ගෙවීම් විසඳුම් භාවිත කරමින් මුදල්, කාඩ්පත් හෝ ගෙවීම් ස්ථානයන් ස්පර්ශ නොකරමින් පහසුවෙන් ගෙවීම් සිදුකිරීමට පාරිභෝගිකයන්ට අවකාශ උදාවේ. ගනුදෙනුකරුවන්ට, සම්පත් බැංකු ගිණුම් හිමියන්ට මෙන්ම වෙනත් බැංකුවල ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන් හටද මෙම අවස්ථාව උදාකරදී තිබීම විශේෂත්වයකි. කුඩා හා මධ්‍ය පරිමාණ වෙළෙඳ ප්‍රජාව සහ පාරිභෝගිකයන් අතර LANKAQR ගෙවීම් ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ LANKAQR රට පුරා ව්‍යාප්ත කිරීමේ ‘LankaQR ජනගතකරණය’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී.