කොමර්ෂල් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙසින් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සනත් මනතුංග මහතා 2022 මැයි 12 වනදා සිට පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට සෙල්ලතුරෙයි ප්‍රභාගර් මහතා පත්කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.
කොමර්ෂල් බැංකුවේ වසර 41 ක කීර්තිමත් සේවා කාලයකට පසුව 2022 මැයි 11 වනදා ක්‍රියාත්මක රෙන්ගනාදන් මහතාගේ විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුව සනත් මනතුංග මහතා විසින් පුරවනු ලැබේ.
සනත් මනතුංග මහතා කොමර්ෂල් බැංකුව තුළ වසර 32 ක් සේවය කර තිබෙන අතර පසුගිය වසර හතර තුළදී බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරු දැරීය. එයටත් පෙර මනතුංග මහතා ආයතනික බැංකුකරණ කටයුතු සඳහා සාමාන්‍යාධිකාරිවරයා ලෙසින් කොමර්ෂල් බැංකුවේ ආයතනික බැංකුකරණ සහ වෙළෙඳ මූල්‍යන දෙපාර්තමේන්තුවල ප්‍රධානීත්වය ඉසිලූ අතර බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරිවරයා (CRO) ලෙසින්ද වගකීම දරා තිබේ. ඔහුගේ නායකත්වය යටතේ බැංකුවේ ආයතනික බැංකුකරණ අංශය අත්තිකාරම්වල ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කරගන්නා අතරම ඉතාමත් වේගවත් ණය වර්ධනයක් මෙන්ම වෙළෙඳ මූල්‍යන ගාස්තු පදනම් කරගත් ආදායම් වර්ධනයක්ද ජනනය කිරීමට සමත් විය.