සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, කාන්තා හිතකාමී සේවා ස්ථාන ගෞරව කිරීම සඳහා ප්‍රථම වරට පැවැති ‘Women Friendly Workplace 2021’ (WFPA) සම්මාන උළෙලේදී විශිෂ්ටතම සමාගම් 10 අතරට එක්වීමට සමත් විය. Satyn සඟරාව සහ CIMA Sri Lanka එක්වී සංවිධානය කළ මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
රැකියා ස්ථාන තුළ කාන්තාවන්ට නිසි සහයෝගය ලබාදෙමින්, ඔවුන් සවිබල ගන්වන සේවායෝජකයන්ට මෙහිදී සම්මාන හිමි විය.
WFWP සම්මාන උළෙල මෙරට සමාගම් හා ආයතන තුළ කාන්තාවන්ගේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 5 වැනි ඉලක්කය වන ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සමගාමී පියවරක් ලෙසද හැඳින්විය හැක.
COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් සෙලාන් බැංකුවේ ව්‍යාපාර කටයුතුවලට බලපෑම් එල්ල වුවද, කාන්තාවන්ගේ වෘත්තීය දියුණුවට හිතකර වූ ප්‍රතිපත්ති සහ වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාවට නැංවීමට බැංකුව කටයුතු කළේය. සෑම විටම තම වෘත්තීය ඉලක්ක ළඟා කරගැනීම සඳහා කාන්තාවන් දිරිගන්වන සෙලාන් බැංකුව, ඔවුන් සවිබල ගැන්වීමටද පුළුල් මට්ටමින් පියවර ගනී.
කාර්යමණ්ඩලයේ හැකියාවන් සහ විවිධත්වය ඉහළ නැංවීම තුළින් ගනුදෙනුකරුවන් ඇතුළුව සියලු පාර්ශ්ව වෙත වඩාත් විශිෂ්ට සේවාවක් සැලසිය හැකි බව සෙලාන් බැංකුව විශ්වාස කරන අතර, නායකත්ව තනතුරු බාරගැනීම සඳහා කාන්තාවන් සෑම විටම දිරිමත් කිරීමද සිදුකරයි.