සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් ටිකිරි ගිණුම් සහ වනජීවී ස්වභාවධර්ම ආරක්ෂක සංගමය (WNPS) එක්ව සංවිධාන කළ Up-cycled Waste Items තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නම්කිරීම පසුගියදා සිදුකරන ලදී.
ඩිජිටල් ක්‍රමයට පැවැති මෙම තරගය දරුවන්ට තම නිර්මාණශීලී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය.
මුල් භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමක් ලැබෙන අයුරින් ප්‍රතිචක්‍රීකරණය කිරීම හෙවත් Upcycling සංකල්පය සම්බන්ධයෙන් දරුවන්ට අවබෝධයක් ලබාදීමේ අරමුණෙන් මෙම තරගය සංවිධාන කෙරිණි. පරිසර සංරක්ෂණය යනු අද දවසේ අතිශයින් කාලීන මාතෘකාවක් වන බැවින්. රටේ පුරෝගාමී ළමා ඉතුරුම් ගිණුම වන සෙලාන් ටිකිරි මෙම වැඩසටහනට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් විය.
වයස අවුරුදු 5-8 කාණ්ඩයේ ජයග්‍රහණය සෙනෙති දිමන්සා (ප්‍රථම ස්ථානය), එව්මි සෙනාල්‍යා කාරියප්පෙරුම (දෙවැනි ස්ථානය) සහ එම්. උමර් අක්මාල් (තුන්වැනි ස්ථානය) විසින් දිනාගන්නා ලදී.
වයස අවුරුදු 9-12 කාණ්ඩයේ ජයග්‍රහණයන් රශේලි දෙව්මි (ප්‍රථම ස්ථානය), කිම්බර්ලි විජේසූරිය (දෙවැනි ස්ථානය) සහ එම්.අයි.එම්. බිලාල් (තුන්වැනි ස්ථානය) වෙත හිමිවිය.