ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර්, ජයග්‍රහණය කරා යන ගමනේ තවත් එක් සුවිශේෂ සංධිස්ථානයක් පසුකරමින්, පසුගියදා නිමාවට පත්වුණු Dell Technologies South Asia CSB Partner Connect 2021 හිදී සුවිශේෂ සම්මාන ද්විත්වයක් හිමිකර ගෙන ඇත.
අංක එකේ භාණ්ඩ අලෙවිකරු ලෙස සිය නාමය තව දුරටත් සනිටුහන් කරමින්, දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු සහ ශ්‍රී ලංකාවේ වසරේ විශිෂ්ටතම භාණ්ඩ අලෙවිකරු යන සුවිශේෂ සම්මාන ද්විත්වයෙන් සිංගර් මෙලෙස පිදුම් ලැබීය.
2020 වසරේ කලාපීය භාණ්ඩ අලෙවිකරුවන්ගේ කාර්යසාධනය ඇගයීම සඳහා මෙම සම්මාන ප්‍රදානෝත්සවය මාර්ගගත ක්‍රමයට පැවැත්වුණු අතර, ඒ සඳහා නැගීඑන වෙළෙඳපොළ සඳහා Dell ටෙක්නොලජීස්හි උපසභාපති අනෝතායි වෙත්තයකෝන් මහතා, Dell ටෙක්නොලජීස්හි තවත් සම්භාවනීය අමුත්තන් කිහිපදෙනකු සහ කලාපීය භාණ්ඩ අලෙවිකරුවන් කිහිපදෙනකුද සහභාගි වූහ.