ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ උපකරණ බෙදා හරින්නා වන සිංගර්, මැලේසියාවේ Signature සමූහ ව්‍යාපාරය සමග අත්වැල් බැඳගනිමින් ලොව ප්‍රමුඛ පැන්ටි්‍ර කබර්ඩ්ස්, wardrobe, TV ඩිස්ප්ලේ ඇතුළු නවීන මාදිලියන්හි ගෘහ භාණ්ඩ රැසක් දේශීය පාරිභෝගිකයා වෙතට හඳුන්වා දෙමින් සිටියි.
වර්තමානයට ගැළපෙන, ආකර්ෂණීය නිමාවන් සමගින් ඉහළම තත්ත්වය සංකලනය කරමින් නිෂ්පාදනය කෙරුණු මෙම උපකරණ සඳහා එහිවූ යුරෝපියානු පෙනුම හේතුවෙන් ඉහළ පාරිභෝගික ප්‍රතිචාර ලබයි.
ලොව ප්‍රමුඛ මෙම භාණ්ඩ/සේවා සහ විසඳුම් වෙත පාරිභෝගිකයා හට වඩාත් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබාදෙමින් සිංගර් කණ්ඩායම විසින් මෑතකදී සිය ප්‍රථම Signature Concept Center කොළඹදී විවෘත කරන ලදී. ඩුප්ලිකේෂන් පාර, කොළඹ යන ලිපිනයෙහි පිහිටි මෙම Concept Center හි, වඩාත් උසස් පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා වූ දැනුම් කලාපයක්ද පවතී.
Signature සන්නාමය යටතේ මෙම ගෘහ භාණ්ඩ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කරගැනීමේ බලාපොරොත්තුව ඇතුව, සිංගර් විසින් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි සිය දේශීය නිෂ්පාදන ආයතනයේ ව්‍යාපාර කාර්යයන්ද පුළුල් කරන ලදී.