ශ්‍රී ලංකාවේ දැවැන්ත රාජ්‍ය ආයතන ද්විත්වයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා හොස්පිට්ල්ස් එක්ව සිය සබඳතාව වඩාත් ශක්තිමත් කරමින් සිය සේවාවන් සඳහා ප්‍රවේශය පුළුල් කරමින් පාරිභෝගික පහසුව සහතික කිරීම සඳහා ලංකා හොස්පිට්ල්ස් පරිශ්‍රයේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සේවා කවුළුවක් විවෘත කර තිබේ.
මෙම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සේවා කවුළුව විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන් වෙත හඳුන්වාදී ඇති සියලුම රක්ෂණ විසඳුම් අත්විඳීමේ අවස්ථාව ලංකා හොස්පිට්ල්ස් පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට ලැබී තිබෙන අතර මෙම සේවා කවුළුව හරහා රක්ෂණ සැලසුම් මිලදී ගැනීම, රක්ෂණ සැලසුම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම, වාරික ගෙවීම් සිදු කිරීම, රෝගියා පිටත් වන මොහොතේදීම සෞඛ්‍ය රක්ෂණ හිමිකම් ලබාගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර ගැනීම ඇතුළු තවත් බොහෝ රක්ෂණ සේවාවන් සඳහා පහසුකම් සපයයි.
මෙම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සේවා කවුළුව 2020 ජූලි 24 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත සහ ලංකා හොස්පිට්ල්ස් සමූහ සභාපති වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ආයතනයන්හී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පාරිභෝගිකයන් සඳහා විවෘත විය.