ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Bigʼ නිල වශයෙන් හඳුන්වා දීම පසුගියදා සිදුකරන ලදී.
ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ උත්සවයකදී එම හඳුන්වා දීම සිදුකෙරිණි.
මෙම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT අධ්‍යක්ෂ ජනාධිපති නීතිඥ මොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ සහ SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆනෑන්ඩස් යන මහත්වරුන් ප්‍රමුඛව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් එක්වූහ.
චාරිත්‍රානුකූලව ජාතික ධජය ඔසවමින් සහ ජාතික ගීය ගායනා කරමින් ආරම්භ වූ උත්සවයේදී සර්වාගමික පූජ්‍ය පක්ෂය විසින් රැස්ව සිටි පිරිසට නව වසර වෙනුවෙන් ආශීර්වාද කරන ලදී. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නව අවුරුදු පණිවුඩ ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.
SLT-MOBITEL හි නව තේමා පාඨය වන ‘No Dream Too Bigʼ යන්න පදනම් කරගත් ප්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වන්නේ, වැඩි වැඩියෙන් ජනතාව වෙත සමීප වෙමින් ඔවුන්ගේ හදවත් දිනා ගැනීමය. උත්සවයේදී අදහස් දැක්වූ SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සමාගම කෙරෙහි කාර්ය මණ්ඩලය දැක්වූ ළැදියාව හා කැපවීම වෙනුවෙන් තම කෘතඥතාව පළ කළේය