කොවිඩ් – 19 වසංගතයෙන් පීඩාවට පත් වූ රටවල් මුහුණ දෙන බරපතළ ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම වෙනුවෙන් අලියාන්ස් වර්ල්ඩ් රන් ඉසව්ව හරහා අවශ්‍ය අරමුදල් රැස් කිරීමට අලියාන්ස් ලංකා සමාගම යළිත් වරක් ලොව පුරා අනෙකුත් අලියාන්ස් කාර්යාලයන් සමඟ එක්ව කටයුතු කළේය.
මෙම වැඩසටහන මගින් තම කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් මෙන්ම ඔවුන්ගේ මිතුරු මිතුරියන්ද, පවුලේ සාමාජික සාමාජිකාවන්ද විනෝදාත්මක ආකාරයෙන් ශාරීරික ක්‍රියාකාරකම් වෙත යොමුකිරීම තුළින් පවතින ගෝලීය ගැටලු සඳහා යම් සහනයක් ලබාදීම මෙමගින් සිදුකිරීමට අපේක්ෂාව විය.
අලියාන්ස් වර්ල්ඩ් රන්හි හයවැනි අදියර ඔලිම්පික් හා පැරා ඔලිම්පික්හි සුවිශේෂ ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වූයේ ඊට සහභාගි වූ සියලු දෙනාට පරිපූර්ණ ඔලිම්පික් උළෙලක අසිරිය අත්විඳීමේ අවස්ථාව සලසා දෙමින්ය. දින 90ක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා කණ්ඩායම් 69ක සාමාජික සාමාජිකාවන් 12,418 දෙනකු සහභාගි වී සිටි අතර ඔවුන් කිලෝමීටර් 2,531,091ක ප්‍රමාණයක දුරක් ලබාදීමට සමත්විය. එහිදී එක් පුද්ගලයකු ගමන් කළ සාමාන්‍ය දුර කිලෝමීටර් 203ක් පමණ වූ අතර ඒ සඳහා ගතවූ සම්පූර්ණ ක්‍රියාකාරී කාලය විනාඩි 55,080,546ක් පමණ විය.