වසරේ තුන්වැනි කාර්තුව තුළදී ඇතැම් කාර්යසාධන අංශවල වර්ධනය මන්දගාමී වුවද 2021 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන මාස 09 තුළදී කොමර්ෂල් බැංකු සමූහය සමතුලිත වර්ධනයක් වාර්තා කිරීමට සමත්වී තිබේ.
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව සහ එහි අනුබද්ධ ආයතනවලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය මෙම කාලසීමාව තුළදී රුපියල් බිලියන 120.050ක දළ ආදායමක් වාර්තා කර තිබෙන අතර, එය 2020 වසරේ අදාළ මාස 09ට සාපේක්ෂව 5.66%ක වර්ධනයකි. 2021 පළමු අර්ධය අවසානයේදී දළ ආදායම 6.34% කින් වර්ධනය වූ නමුත් තුන්වැනි කාර්තුවේදී සමූහයේ දළ ආදායම වර්ධනය වූයේ 4.34%කිනි.
දළ ආදායම තුළ විශාලම කොටස වන පොලී ආදායම මේ කාලය තුළදී 3.43%කින් වර්ධනයවී රුපියල් බිලියන 96.227ක් වූ බවත්, 2021 ජුනි දක්වා කාලය තුළදී එම වර්ධනය 3.20%ක් වූ බවත් සමූහය සඳහන් කරයි.