මෙම අවිනිශ්චිත කාල වකවානුවේ දී වාරික ගෙවීමට AIA ශාඛා කාර්යාලයකට, බැංකුවකට හෝ වෙනත් ඕනෑම ස්ථානයකට යාමේදී ඔබට ඇති අවදානම සහ අපහසුතාව අපි හොඳින් අවබෝධ කරගෙන සිටිමු. ඒ වගේම ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් අඛණ්ඩ රැකවරණය අත්විඳීමට, වාරික නිසි කලට ගෙවීම සඳහා පහසුකම් සැලසීමේ වැදගත්කමත් අපි හොඳින් දනිමු. AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන් හට පිටතට නොගොසින් සිය නිවෙසේ ආරක්ෂාකාරීව රැඳී සිටිමින් ලෙහෙසියෙන් සහ පහසුවෙන් රක්ෂණ වාරික ගෙවීම සඳහා විවිධ විකල්ප රාශියක් ලබාදීමට AIA ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු යොදා තිබෙන්නේ ඒ නිසාමයි.
අපගේ සේවාලාභී ද්වාරය (AIA Customer Portal) AIA සේවාලාභීන් හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට පහසුවෙන් සිය වාරික ගෙවීම සඳහා සකසා ඇති නවතම විකල්ප ක්‍රමයකි. මෙම ඩිජිටල්කරණ විසඳුම ඔස්සේ, මාර්ගගත ක්‍රමයට පිවිසී සිය රක්ෂණ ඔප්පුව පිළිබඳ, ගෙවා ඇති වාරික පිළිබඳ, හිමිකම් තොරතුරු මෙන්ම සිය ඔප්පුවේ වෙනත් ඕනෑම තොරතුරක් දැන ගැනීමට අවකාශය සලසාලයි. AIA Customer Portal නවතම තාක්ෂණය යොදාගනිමින් සැකසුණු ඉතාමත් ආරක්ෂාකාරී පහසුකමක් වන අතර ජංගම දුරකතන, ටැබ්, පෞද්ගලික පරිගණක වැනි ඕනෑම උපාංගයක් ඔස්සේ කිසිම ගැටලුවකින් තොරව මෙය භාවිත කිරීමේ හැකියාව ඇත. සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂාවන් 3න්ම භාවිත කළහැකියි මෙම පහසුකම ඔස්සේ.