• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home CID

ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?

November 30, 2019
in CID, News
A A
ස්විස් නිලධාරිනියගෙන් ප්‍රශ්න කළේ ‌මොනවාද?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් දේශයක් ගොඩ නැගීමේ අරමුණ ඇතිවය. ඔහු සිය ධුරයේ වැඩ භාරගන්නා විටම බුද්ධි අංශ වාර්තාවක් නිකුත් වන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ව තිබෙන බරපතළ තත්වයක් ගැනය. ඒ නැවතත් එල්ලවීමට ඉඩ ඇතැයි සඳහන් අයි.එස්. අයි.එස්. ප්‍රහාරයක අනතුරු ඇඟවීමක් ගැනය. එම ප්‍රහාරය ගැන තොරතුර පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් විදෙස් බුද්ධි අංශයකින් මෙරටට ලැබුණක් නොව දේශීය බුද්ධි අංශ වෙතින් ලද තොරතුරකි. එම බුද්ධි තොරතුරට අනුව ඉලක්කය වැඩි වශයෙන් කතෝලික දේවස්ථානයක් හෝ කතෝලික ජනතාව නොව, බෞද්ධ සිද්ධස්ථානයක් සහ බෞද්ධ ජනතාවකි. එම ප්‍රහාරය එල්ලවෙතැයි බුද්ධි අංශ අනතුරු අඟවා ඇත්තේ ලබන දෙසැම්බරයේදීය.
බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව ඉලක්කයන් බවට පත්ව ඇත්තේ අනුරාධපුර පූජා නගරය, මහනුවර ශ්‍රී දළදා මාළිගාව, කතරගම, මහියංගනය, කැලණිය, දීඝවාපිය, නාගදීපය, අම්පාර බුද්ධංගල, ත්‍රිකුණාමලය, කිරින්ද, සේරුනුවර, සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව, සොමාවතිය, යන බෞද්ධ ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන සහ ගැවසෙන ස්ථානයන්ය. ඊට අමතරව නත්තල් උත්සව සහ දේවස්ථානවල උත්සව ද අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ගැනද එම බුද්ධි අංශ තොරතුරුවල පැහැදිලිවම දක්වා ඇත. එම ප්‍රහාරය බෝම්බ පිපිරවීමකින් වාහන අනතුරකින් හෝ විවිධ උපකරණ යොදා ගෙන එල්ලකිරීමට සැලසුම් කර ඇතැයි එම බුද්ධි තොරතුරේ දක්වා තිබී ඇත.
වැඩ බලන පොලිස්පතිවරයා මෙම බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම ගැන වඩාත් සැලකිලිමත් වන්නේ පෙර පාස්කු ඉරිදා ප්‍රහාරයේ අමිහිරි මතකයන් තවමත් රටේ ජනතාවගේ සිත් තුළ හොල්මන් කරන බැවිනි. එබැවින් ඔහු රටේම පොලිස් ප්‍රධානීන්ව මෙම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දැනුවත් කරන්නට අමතක කරන්නේ නැත. ඒ අනුව එම බුද්ධි තොරතුරු ගැන දැන් මුළු රටේම පොලිසි මෙන්ම ආරක්ෂක අංශ දැනුවත්ව හමාරය. ඒ ගැන සියලු තොරතුරු හුවමාරු වී ඇත්තේ ලිඛිතවය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වනවාත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරද විසි විය. ඒ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙසිනි. එම පුරප්පාඩුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කෙරන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්නය. ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටන පැවැති සමයේදී ඔහුගේ ආරක්ෂාව සම්බන්ධීකරණය කළේ ඔහුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී ජනාධිපති ආරක්ෂක අංශයේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාව සිටියේද ඔහුය.
තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධුරයේ වැඩ භාරගන්නේ පසුගිය 24 වෙනිදාය. එදා සවසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්තච සිල්වා සිය බිරිද සහ දරුවන් සමග රටින් පළා යන්නේ ස්විස්ටර්ලන්තය බලාය. ඒ දේශපාලන රැකවරණය ලබමිනි. ආන්දෝලනාත්මක අපරාධ රැසක විමර්ශන පවත්වමින් සිටි ඔහු හිටි හැටියේම රටින් පලායාම දේශපාලන පිටියද කැළඹිමකට ලක්කළේය. ජනාධිපතිවරයාගේ පවා දැඩි විවේචනයකටද ඔහුව ලක්වන්නේ බෙල්ලන්විල විහාරස්ථානයේදීය.
නිශාන්තද සිල්වා රටින් පළායාමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ආගමන විගමන පාලකවරයාට ඊට පහුවෙනිදාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින නිලධාරීන් 703 දෙනෙකුගේත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගෙත්, නම ඇතුළත් ලැයිස්තුවක්ම යොමු කරන්නේ එම නම් සදහන් නිලධාරියෙක් රටින් පිටව යන්නේ නම් හෝ උත්සහ ගන්නේ නම් එය වළක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයට දැනුම් දෙන ලෙසය. එම නම් අතර කටුනායක ඒකකයේද නිලධාරීන්ගේ නම් තිබීම විශේෂිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රට ගමන් එසේ තහනම් කර පැය 24ක් යන්නට මත්තෙන් ජාත්‍යන්තරයේ මෙරට ගැන දැඩි කතාබහකට ලක්වන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක්ව රැගෙන යෑමේ චෝදනාවක් ගැනය. ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපති කාර්යාලයේ සේවයේ නිරතව සිටින ඇයව කවුරුන් විසින් රැගෙන ගියේදැයි මෙතෙක් හෙළිවී නැති අතර ඒ සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් මේ වන විටත් මෙරට බලධාරීන්ව ඒ ගැන දැනුවත්කර හමාරය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භකර ඇති අතර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය සඳහන් කරන්නේ තම සේවිකාව රැගෙන ගොස් ඇගෙන් ප්‍රශ්න කර ඇත්තේ නිශාන්තද සිල්වා බවය. ඇයව රැගෙන ගියා යැයි සඳහන් ස්ථානයේ සහ ඒ අවට ඇති ආරක්ෂක කැමරා පවා මේ වන විට පොලිසියේ විශ්ලේෂණයට ලක්වෙමින් ඇති අතර වැඩි කල් නොයා ඒ ගැන බොහෝ තොරතුරු හෙළි වනු ඇත.
පොලිස් මාධ්‍ය මධ්‍යස්ථානයද විසුරුවා හරින්නේ මේත් එක්කමය. ඒ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයකට අනුවය. මාධ්‍ය ඒකකයේ අවසන් මාධ්‍ය නිවේදනය නිකුත් වන්නේ 25 වෙනිදාය. ඒ නිශාන්ත සිල්වා ගැනය. නිශාන්ත සිල්වා කළ පරීක්ෂණ පවා ප්‍රශ්නගත බව මාධ්‍ය ප්‍රකාශකවරයා එකී අවසන් මාධ්‍ය නිවේදනයේ දක්වා තිබුණේ එතෙක් කලක් නිශාන්තලා කළ විමර්ශන ගැන කතා කළ මාධ්‍ය ප්‍රකාශකගේම අත්සනිනි.
පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීමේ සැබෑ හේතුව කුමක්දැයි තවමත් හරිහැටි පැහැදිලි නැතත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකරව මාරුකර යැවෙන්නේ පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක තනතුරටය. මාධ්‍ය ඒකකයේ සෙසු නිලධාරීන් තවමත් එහි වැඩක් නොමැතිව නිකරුණේ රැඳී සිටින අතර එම නිලධාරීන්ව ඉදිරි දින කිහිපයේ සාමාන්‍ය පොලිස් රාජකාරිය සදහා මාරු කෙරෙනු ඇත. පොලිස් මාධ්‍ය ඒකකය විසුරුවා හැරීම පොලිස් මූලස්ථානය විසින් සාධාරණීකරණය කරන්නේ යුද සමයේදී මෙන් හමුදා සහ පොලිස් ඒකාබද්ධ මාධ්‍ය ඒකකයක් දැමීමේ සුදානමක් ගැන කියමිනි. එම ඒකකය ස්ථාපිත කෙරෙන නිශ්චිත දින වකවානුවක් තවමත් තීරණය වී නැති අතර බොහෝදුරට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් අනතුරුව එවැනි ඒකකයක් ස්ථාපිත වනු ඇති බව පැවැසේ.
ඉහළ පොලිස් නිලධාරීන්ගේ දැන හැදුණුම්කම් මත පොලිස් මූලස්ථානයේ නිසි කාර්යභාරයක් නොමැතිව ඉහළ නිලධාරීන්ට ආවතේව කටයුතු කරමින් පැය අටේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් 1000කට වැඩි පිරිසක් සිටින බව හෙළිවී ඇත. එම නිලධාරීන්වද ඉදිරියේදී පොලිස් මූලස්ථානයෙන් ඉවත්කර සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා යොමු කිරීමටද මේ වන විට පොලිස් මූලස්ථානය පිඹුරුපත් සකස් කරමින් සිටිති. එසේම ජනාධිපතිවරයාද ජනාධිපති ආරක්ෂක අංශයේ සිටි 2500කට ආසන්න පොලීසියේ පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරිවලට මුදා හරිනු ලැබීය. ඒ වෙනුවට ඔහු සිය ආරක්ෂාවට කමාන්ඩෝ භටයින් ළංකරගෙන තිබේ. දැන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ වැඩි කොටසක් සොයා බලන්නේ කමාන්ඩෝ සෙබලුරෑන්ය.
ජනාධිපතිවරයාගේ පමණක් නොව, අගමැතිවරයාගේත්, ඇමති ආරක්ෂක අංශයේත් ඉදිරියේදී අතිරික්ත යැයි සදහන් 1000කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා ඉදිරියේදී යෙදවෙනු ඇත.
මෙසේ සාමාන්‍ය පොලිස් රාජකාරි සදහා ප්‍රභූ ආරක්ෂක අංශවල නිලධාරීන් මුදා හැරින විට පරිසරය රැක ගැනීමේ කටයුත්ත මුළුමනින්ම පැවරී ඇත්තේ පොලීසියේ කර මතය. මහා මාර්ග සහ වෙරළ තීරයේ ඇති කැළිකසල පොලීසියේ දෑතින් ඉවත් කෙරන අයුරු පසුගිය සතිය පුරාවටම රට පුරාම දකින්නට ලැබුණු සුවිශේෂී දසුනකි. එහෙත් ජනාධිපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද පොලීසිට දැනුම් දුන්නේ කැළි කසල පොලීසියට ඉවත්කරන්නට නොව, පළාත් පාලන ආයතන සමග සම්බන්ධීකරණය වෙමින් කසල විධිමත් ලෙස ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් දියත් කරන ලෙසය. එසේම මහ මග කැළි කසල බැහැර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඒ අය පොලීසියට උපදෙස් දුන්නේය. එහෙත් දැන් පොලීසිය කරන්නේ කැළිකසල ඉවත් කිරීමේ කටයුත්ත තමන්ගේ කරමත පටවා ගැනීමකි.

Share51Tweet32SendShare13
Previous Post

ජනාධිපති පළමු සාකච්ජාව ඉන්දියාවට ‌දෙයි

Next Post

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

MORE NEWS

අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?
News

අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?

April 30, 2022
රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!
News

රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!

April 26, 2022
උණුසුම් වුණු හැටි-කදුලු ගෑස් ගැහුව හැටි-වෙඩි තිබ්බ හැටි! කව්රුත් නැතිව මව්රට විතරක් රඹුක්කනදී දැක්ක දේ මෙන්න!
News

උණුසුම් වුණු හැටි-කදුලු ගෑස් ගැහුව හැටි-වෙඩි තිබ්බ හැටි! කව්රුත් නැතිව මව්රට විතරක් රඹුක්කනදී දැක්ක දේ මෙන්න!

April 25, 2022
අගමැතිවරු රොත්තක් ගෙදර ගියා! ආණ්ඩු රොත්තක් ඇදගෙන වැටුණා! මිනිස්සු රොත්තක් පාරට බැස්සා! මෙහෙම වුණා ග්‍රීසියේ!
News

අගමැතිවරු රොත්තක් ගෙදර ගියා! ආණ්ඩු රොත්තක් ඇදගෙන වැටුණා! මිනිස්සු රොත්තක් පාරට බැස්සා! මෙහෙම වුණා ග්‍රීසියේ!

April 16, 2022
හිරුණිකාගෙන් යාපනයේදීත් විරෝධතාවක්! මැද්දට පැන්න අරුන් සිද්ධාර්ථන්ට ගෑනු වටකරගෙන ගහයි! (VIDEO)
News

මිරිහානේ ගෝඨා බය නැති කළ-අනුරාධපුරේදි ඥානක්කට බය නැතිව චැලෙන්ජ් කළ-යාපනයේදි අරුන්ට කනට ගහපු කරළියට පෑයූ යකඩ ගැහැනිය!

April 16, 2022
ආණ්ඩුවට එරෙහිව මහානාම ගහපු සුපිරි හයේ පාර! මහානාමගෙන් පස්සේ සනත්! සංගාගෙනුත් ප්‍රකාශයක්!
News

ආණ්ඩුවට එරෙහිව මහානාම ගහපු සුපිරි හයේ පාර! මහානාමගෙන් පස්සේ සනත්! සංගාගෙනුත් ප්‍රකාශයක්!

April 12, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)
Exclusive

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022

රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී...

Read more
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net