අද සවස කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 309 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මෙලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් පළමු ආසාදිතයින්ග් ආශ්‍රිතයින් බවයි.
මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,024කි. සුවය ලැබූ සංඛ්‍යාව 10,183ක්. රෝහල් ගතව සිටින පිරිස 4,794කි.
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඒ අනුව 11,542ක් දක්වා ඉහළ ගොස් ඇත.