Exclusive
අනේ මෙහෙමත් දේශපාලනයක්…
Published
6 months agoon

පසුගිය මහමැතිවරණයේදී පොහොට්ටුව යටතේ පොලොන්නරුවෙන් තරග වැදුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර තිබුණේ දේශපාලන නයි-මුගටි වෛරයකි. මැතිවරණ වේදිකාවේ දෙදෙනා ප්‍රසිද්ධියේම එකිනෙකාට චෝදනා කරගත් ආකාරයක් එහිදී දැකගන්නට ලැබිණ.
නමුත් දේශපාලනයේදී සදාකාලික සතුරෝත් නැත-සදාකාලික මිතුරෝත් නැත යන කියමන නැවත වතාවක් සනාථ කරමින් ඊයේ (04) දිනයේදී මේ දෙදෙනා එක ළග ආසන දෙකක හිදිමින් සිනාසෙමින් කතා කරන ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඒ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොයුරු, ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ බිරියගේ උපන්දිනයේදීය. ඇන්ජලීන් සිරිසේන මහත්මියගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් වැඩිහිටි නිවාසයක් ඉදිකිරීමට ඩඩ්ලි සිරිසේන මහතා පියවර ගෙන තිබූ අතර ඊයේ දින එය විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට සහභාගි වන ලෙසට ඩඩ්ලි සිරිසේන මහතා රොෂාන් රණසිංහ මහතාට පෞද්ගලිකවම ආරාධනා කර තිබිණ.
දේශපාලන පසමිතුරුකම් තිබුණද ඒ සියල්ල පසෙක දමා රොෂාන් රණසිංහ මහතාද එම අවස්ථාවට එක්වූ අතර හිටපු ජනාධිපතිවරයා සමගද සැහැල්ලුවෙන් කතාබස් කිරීමටද රණසිංහ මහතා පියවර ගත්තේය.
එහිදී දෙදෙනා අතර කතාබහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පමණක් සීමා වූ බවක් දැනගන්නට ඇත.
කෙසේවෙතත් රොෂාන් රණසිංහ මහතාත්, මෛත්‍රීපාල සිරිසේන මහතාත් සිනාසෙමින් එකට සිටිනු දුටු බොහෝ දෙනා එහිදී කියා සිටියේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් මෙම සංයෝගය ඉතා පලදායී එකක් වනු ඇත බවකි.
You may like
CTB බස් 4ක් ගාලු මුහුදේ ගිල්වයි (PHOTOS)
පොලිසිය විනාශ වූ හැටි
පාස්කු වාර්තාවෙන් දැන්ම කාටවත් නඩු වැටෙන්නෙ නෑ: රහසේ දුන් කටඋත්තර නීතිපතිට යවලත් නෑ EXCLUSIVE
මාධ්‍යවේදී කෂෝගි මැරුවේ සෞදි කුමරුගේ නියෝගයකට: අමෙරිකාව තහවුරු කරයි
කෝටි එකහමාරක කුඩු STF අතේ (VIDEO & PHOTOS)
රෝහිත රාජපක්ෂ කුරුණෑගල ගමට බහී (PHOTOS)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
