ලංකාවට පැමිණීමට නොහැකිව අපේ රටේ ජනතාව විදෙස් රටවල මෙතරම් දුක් විදිද්දී ආණ්ඩුවට හදිසියේම සීෂෙල්ස් රටේ ජනතාව මෙරටට ගෙන්වා ගැනීම සදහා අවසර ලබා දීම පිටුපස ඇති අභිරහස කුමක්ද යන්න වහාම හෙළි කරන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ප්‍රමුකතාව හදුනාගෙන වහාම ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසද, රටවිරුවන්ට මේ අයුරින් සැලකීම පිළිගත නොහැකි බවද ඒ මහතා සදහන් කරයි.