‘උඹලට පොල්ලෙන් ගහලා මරලා මම හිරේ යනවා… එන්න කියපන් උඹලගෙ පුරාවිද්‍යා ලොක්කන්ට…’ යනුවෙන් කියමින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මඩකලපුව චෙන්කලාඩි විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් එහිමියන් විසින් චෝදනා එල්ල කරමින් මෙම පහරදීම සිදුවිය.
එම ස්ථානයට පොලීසිය ද පැමිණියත් තත්ත්වය පාලනය කිරීමට හැකිවූයේ නැත.
අවසානයේ සතියක් ඇතුලත එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්ථාන මැනුම් කටයුතු අවසන් කරන බවට පොරොන්දු වීමත් සමග උන්වහන්සේ තම විරෝධය තාවකාලිකව නතර කරනු ලැබීය.