අමෙරිකා ජනාධිපති ජනපති ජෝන් බයිඩන්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දරුවා ඉදිරියේ දණ නමා සමාව අයදින බව දක්වමින් ව්‍යාජ පුවතක් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් තිබේ.
කෙසේවෙතත් මෙම ඡායාරූපය බයිඩන් විසින් මිචිගන් ප්‍රාන්තයට අයත් ඩෙට්‍රොයිට් නගරයේ, ජනාධිපති ප්‍රචාරණ කටයුතු අතරතුරදී දරුවකු හා කතාකරන අවස්ථාවකදී ගන්නා ලද්දකි.
අමෙරිකාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහමගදී ඝාතනය කළ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ඔහුගේ පවුලට ඩොලර් මිලියන 27 ක වන්දියක් රජය විසින් ගෙවා ඇති බවත්, එම වන්දිය පිරිනමන්නට ගිය වඅස්ථාවේ මිය ගිය පුද්ගලයාගේ අඩුව වෙනුවෙන් පවුලේ සාමාජිකයන්ගෙන් සමාව අයැද සිටින්නට ජනපති ජෝන් බයිඩන් කටයුතු කළ ආකාරය බවටත් ඉහත ඡායාරූපය සාවද්‍ය ලෙස අරුත් ගන්වා සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වෙමින් තිබේ.