පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව පාර්ලිමේන්තුවේ පිහිටි සිය කාර්යාලයට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම උපන්දින කේක් දෙකක් කැපීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසිංහ වීරසුමන මහතාගේ සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත යන මහත්වරුන්ගේ උපන්දිනයන් නිමිත්තෙනි.
ඊට මැතිඇමැතිවරු කිහිප දෙනෙකු සහභාගී වී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී අගමැතිවරයා මන්ත්‍රීවරුන් දෙදෙනාට සුබ පතා උපන්දින කේක් කැවීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබේ.
