රුපියල් 425,000ක අල්ලස් මුදලක් ලබාගත් බවට සැකපිට නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ වෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව නිකවැරටිය – පුත්තලම මාර්ගයේ පිහිටි පුද්ගලික අවන්හලකදී එම මන්ත්‍රීවරයා ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ පැමිණිලිකරුට බාධාවකින් තොරව පස් ප්‍රවාහනය කිරීමට එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් එක් පස් ටිපර් රථයකින් රුපියල් 1000 බැගින් රුපියල් 425,000 මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.