ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක අධිකාරියක සේවකයන්ට ධම්මික කපු මහතාගේ පැණිය බෙදාදීම සදහා රුපියල් එක්කෝටි අසූ ලක්ෂයක මුදලක් වෙන් කොට ඇති බවට රාවයක් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යමින් තිබේ.
දැනටමත් එම පැණිය ලබා දිය යුතු සේවකයන් සම්බන්ධයෙන් ලයිස්තු සකස් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් කිසිදු වගකිව යුතු ආයතනයකින් අනුමත නොකළ පැණියක් සදහා මෙපමණ මුදලක් වැය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ආයතනයේ සේවකයන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට ඇත.