ලබන මාර්තු මාසයේදී ජීනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුලු සැසිවාරයට පළමු විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙම කොමිසම මගින් ඉකුත් කාලවකවානුවේදී ලංකාවේ සිදුවූවේ යැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කළ කමිටුවල එම නිර්දේශයන් යළිත් වරක් සලකා බැලීමට නියමිත බව දැනගන්නට තිබේ.
ඒ අනුව උගත් පාඩම් කොමිසම, පරණගම කොමිසම සහ දරුස්මාන් වාර්තාව ඇතුළු සියලු වාර්තා මගින් සිදු කර ඇති නිර්දේශ විමර්ශනය කරනු ඇති බව පැවසේ.
මෙම කමිටුව පුද්ගලයන් තිදෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රකාශය ඉදිරි දින කිහිපය තුළදී ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බව වාර්තා වේ.