ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත් අය එකතු කර ගැනීමට සූදානම්රං වන බවත්, බදුර්දීන්ගේ සහාය ගන්න ආණ්ඩුව සූදානම් වන්නේ රෙදි ඇඳගෙනදැයි තමන් විමසා සිටින බවත් නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි පවසති.
බලය නැතිව සිටියා නම් මීට වඩා හොඳ බව ද පැවසූ උන්වහන්සේ ජනතා විරුද්ධවාදීන් එක් කරගැනීම එම ජනතා මතයට කරන හානියක් යයිද කීහ.
20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව කියා සිටි උන්වහන්සේ දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි සඳහන් කළහ.
උන්වහන්සේ එබව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළකරමිනි.