ආණ්ඩුව අද (20) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාව ඉල්ලා අස්කරගැනීමට පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තුවේ පැවැති හදිසි පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.
මෙම යෝජනාවට විපක්ෂය හදිසි ජන්දයක් ඉල්ලා සිටීමට සූදානමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත ආණ්ඩුව හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට පියවර ගෙන තිබිණ.
අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම හරහා ආණ්ඩුවේ ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1078 දක්වා ඉහළ නංවාගැනීමෙන් බිලියන 357ක අමතර මුදලක් ලබා ගැනීමට ආණ්ඩුව අද දිනයේ මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියේය.