පවතින ඉන්ධන අර්බුදය අවම කිරීමට ඉදිරියේදී රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ජාත්‍යන්තර පුවත් සේවයක් වන AP පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු රජය විසින් මෙරටට තිරිඟු ද පිරිනැමූ බවයි.
එසේම රුසියානු – යුක්‍රේන ගැටුම් තවදුරටත් පවතින්නේ නම් එය අර්බුදකාරී තත්ත්වයක් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබෙනවා.
මේ අතර රුසියාව සමග ශ්‍රී ලංකා රජය ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදු කරන බව පසුගිය දිනෙක විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් මෙරට ප්‍රධාන පෙලේ ඉංග්‍රීසි පුවත්පතක් අද වාර්තාකර තිබුණේ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර එසේ ප්‍රකාශ කළද රුසියාවෙන් සාධනීය ප්‍රතිචාර දක්වා නොතිබූ බවයි.