අද (02) දින කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වෙන ‘සමගි ජන බලවේගයේ’ සමාරම්භක උත්සවයට සහභාගී වන සියලුම එජාප පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ ධුර අහෝසි වන බව කියමින් එජාප ජාතික ලයිස්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා විසින් අද උදෑසන සිටම ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් තිබේ.
එජාපයට හිතැති සියලුම ‘වට්ස් ඇප්’ සමාජයන් වෙත පණිවුඩයක් මුදා හරිමින් මාරසිංහ මහතා පෙන්වා දෙන්නේ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වෙන උත්සවයට එජාපය සහභාගී නොවීමට තීන්දු කර ඇති බවත්, ඊට සහභාගී වුවහොත් මන්ත්‍රීකම අහෝසි වී යනු ඇති බවත්ය.
කෙසේවෙතත් මීට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ‘බොරු කියන්න එපා ආශු. බය කරලා මන්ත්‍රීවරුන් තියාගන්න බෑ’ යනුවෙන් සදහන් කර තිබේ.