Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කළ යුතු දේ ජනපති කියයි

Published

on

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.

නිරෝධායනය වෙමින් සිටින පිරිස  ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය අද (05) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.

ආසාදිතයන් සමාජයෙන් හමුවුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරිණ. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ.

කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ. පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Advertisement
Exclusive2 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)