20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
පැය 2කට ආසන්න කාලයක් පුරා මෙම සාකච්ජාව පැවැත්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙහිදී 20 වන සංශෝධනයේ ඇතුළත් කොට ඇති ද්විත්ව පුරවැසිභාවයේ වගන්තිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝව අදහස් හුවමාරු වී ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම සාකච්ජාවෙන් පසු එම හිමිවරුන් දෙනම මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීම සදහා අගමැති නිලනිවෙසට ගොස් ඇති බවද දැනගන්නට තිබේ.