මේ දිනවල ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවදානම හේතුවෙන් ඉන් බේරීමට මන්නාරමට ඇතුල් වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 86 දෙනෙක් රැගත් යාත්‍රා 11 ක් ආපසු ඉන්දියාවටම භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ නාවික විධානයන් විසින් අනවසර සංක්‍රමණිකයින් ඇතුල්වීම වැළැක්වීම සඳහා පෝක් සමුද්‍ර සන්ධිය ඇතුලු මුහුදු සීමාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.
මේ අතරවාරයේ අද දින මන්නාරමට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන්හීදි ඉන්දීය ධීවර යාත්‍රා යොදා ගනිමින් පුද්ගලයින් 86 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී භාරදීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.