ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සාර් ප්‍රදේශයේ සහ ටජිකිස්තානයේ ප්‍රබල භූමිකම්පන 2ක සිදුව තිබේ.
ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුක්තව ඉන්දියාවේ හටගත් මෙම භූමිකම්පාවේ කම්පන නවදිල්ලිය, උත්තරකන්ඩ්, නොයිඩා යන ප්‍රදේශවලටද දැනී තිබේ.
ඊයේ (12) රාත්‍රී 10.34 ට සිදුවූ මෙම ප්‍රබල භුචලනයත් සමග ජනතාව නිවෙස්වලින් එලියට පැමිණ ඇති බවද වාරත් වේ.
මේ අතර ටජිකිස්තානයේ ඇතිවූ ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාව පකිස්තානය,ඇෆ්ඝනිස්ථානය හා උතුරු ඉන්දියාවටද දැනී තිබේ.
මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය මුර්ඝාබ් ප්‍රදේශයේ පිහිටා ඇත. එය ජනශූන්‍ය කඳුකර ප්‍රදේශයකි.
කිලෝමීටර් 91.6 ක් පොලව අභ්‍යන්තරයේ මෙම භූමිකම්පාව සිදුව තිබේ. එය බදක්ශාන් ජාතික උද්‍යානය තුල පිහිටා තිබේ.
කෙසේවෙතත් ආසියානු කලාපයේ සිදුව ඇති මෙම භූකම්පනවලින් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව වාර්තා වේ.