ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 02ක් ඉක්මවා වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට ඇති අතර ප්‍රදේශ රැසක රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් අසාධ්‍ය රෝගීන් හට අවශ්‍ය ඔක්සිජන් සපයා ගැනීමට පවා දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ වන විට ඉන්දියාවේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා ඇති බව එරටින් ලැබෙන දත්ත වාර්තා පෙන්නුම් කරයි.
මේ අතර මුමාබායි නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටල් පවා කොරෝනා රෝගීන් සඳහා වන ප්‍රතිකාර මධස්ථාන බවට පත් කිරීමට ප්‍රාන්ත බලධාරින් සහ පෞද්ගලික රෝහල් විසින් පියවර ගෙන ඇත.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ අමතර ඔක්සිජන් ටැංකි ලක්ෂයක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවයි.
මේ අතර කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද ඉහළ යාම නිසා එරට ආදාහනාගාර වල කොවිඩ් මරණ ආදාහනය කිරීම් වැඩිවී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
තැන තැන මරණ ප්‍රමාණය ඉහළ යාමත් සමග මෘත දේහ රැගෙන යාම සදහා කුණු ලොරි පවා යොදා ගෙන ඇති බව දැනගන්නට තිබේ.