නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන, වලමලෙයි වත්තේ එලවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට හසුවී සිට මුදාගනු ලැබූ කළු කොටියා අද (29) උදැසන මියගොස් ඇති බව වනජීවී නිලධාරීන් සදහන් කරයි.
මෙම කළු කොටියා වනජීවී නිලධාරීන් විසින් පසුගියදා නිර්වින්දනය කොට බේරා ගනු ලැබූ තිබිණ.
එම සත්වයාට ඇතිව තිබු තුවාල හේතුවෙන් උඩවලව ඇත් අතුරු සෙවනේ පිහිටි පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමට පියවර ගනු ලැබුවද අද උදෑසන එම කළු කොටියා මියගොස් ඇත.