අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉතා උණුසුම්කාරී එකක් වී ඇති බව දැනගන්නට ඇත.
මෙම රැස්වීම කෙතරම් උණුසුම් වූවාද කියනවා නම් බැරිම තැන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවෙන් නැඟිට ගොස් ඇති බව දැනගන්නට තිබේ.
වික්‍රමසිංහ මහතා එසේ තම අසුණින් නැඟිට ගියද මන්ත්‍රිවරුන් තවමත් සාකච්ඡා කාමරය තුළ රැඳී සිටින බවද දැනගන්නට ඇත.
පස්වරු 5.15ට ආරම්භ වූ මෙම රැස්වීම රාත්‍රී 8.15 දක්වාම දැඩි වාද විවාද මැද ඇදීගොස් ඇති බව වාර්තා වේ.