• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

එදා ගෝඨාව දිනවන්න මරාගෙන මැරෙන සටනක් කළ කලාකරුවන් අද කියන කතා…!

July 23, 2021
in Exclusive
A A
එදා ගෝඨාව දිනවන්න මරාගෙන මැරෙන සටනක් කළ කලාකරුවන් අද කියන කතා…!

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වී වසර එකහමාරකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. 2019 වසරේ පැවැති ජනාධිපතිවරණය ඒ මහතා ජයග්‍රහණය කළේ අති විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමිනි. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක් රොක් වූ පිරිස විවිධාකාරය. මෙරට සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන පිරිස් ඒ අතර විය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් රාශියක්ම පසුගිය ජනාධිපතිවරණයේදී එකතු වී සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වටාය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයට ඒ හරහා ලැබුණු සහාය සුළුවෙන් තැකිය නොහැකිය.
ජනාධිපතිවරණයෙන් අවුරුදු එකහමාරක් ගත වන මේ අවස්ථාව වන විට රටේ පාලනය පිළිබඳ විවිධාකාරයේ චෝදනා එල්ලවන ආකාරයක් දැක ගත හැක. ජනාධිපතිවරණයේදී ප්‍රසිද්ධියේ සහාය පළ කළ ඇතැම් පාර්ශ්වයන් පවා අද රජය විවේචනය කරන ආකාරයද දැක ගත හැක. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සාර්ථක බවට අදහස් දක්වන විවිධ ක්ෂේත්‍රවලට අයත් පිරිස්ද දැකගත හැක.

කෙසේ නමුත් පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස වුණු කලාකරුවන් කිසිවෙකු අද වන විට ප්‍රසිද්ධියේ දේශපාලනය පිළිබඳ අදහස් දක්වන බවක් පෙනෙන්නට නැත. වර්තමාන දේශපාලනය සම්බන්ධයෙන් එම කලාකරුවන් අද දරන අදහස පිළිබඳව විමසා බැලීමට අප තීරණය කළේද ඒ නිසාය.

වර්තමානය පිළිබඳ දරන අදහස් දැන ගැනීම පසුවට තබා අප මුලින් සටහන් කරන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරණ සමයේදී ඔවුන් දැක්වූ අදහස් කිහිපයක් වෙතටය.

“2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට එනවිට අපිට එතුමා ගැන පැහැදිලි විශ්වාසයක් තිබුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න එතුමා කටයුතු කළත් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින්ම එතුමාව යුද්ධයකට තල්ලු කරනු ලැබුවා. ඊට නිසි ප්‍රතිඵලයක් ලෙස එතුමා ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වශයෙන් පත් කරගත්තා. ගෝඨාභය මහතා ඇත්තටම කියනවා නම් රාජ්‍ය නිලධාරියකු ලෙස එදා ඒ බාරගත් අභියෝගය අකුරටම ඉෂ්ට කළා. යුද්ධයෙන් පස්සෙ අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි ලෝකයේම කේන්ද්‍රස්ථානය වන කොළඹ නගරය ක්‍රමවත්ව සංවර්ධනය කිරීමේ කාර්යභාරය. එතුමා කොළඹ නගරයට පමණක් සීමා නොවී එපිට තියෙන නරගවලටත් මේ සංවර්ධන වැඩපිළිවෙළ නිසි ආකාරයෙන් කරගෙන ගියා. සංස්කෘතික, සමාජීය, ආර්ථික අතින් රට කඩා වැටෙන්න පටන් ගත්තා. විශේෂයෙන් මහ බැංකු කොල්ලය සහ වෙනත් අසාර්ථක ව්‍යාපෘති හින්දා රට කඩා වැටෙන්න පටන් ගත්තා. අනිත් කාරණාව තමයි අවුරුදු 10කට පස්සේ නැවත පාස්කු ප්‍රහාරය හේතුවෙන් ත්‍රස්තවාදී භීෂණයෙන් රට ඇලළී යෑම. ඉතින් අපිට අවශ්‍ය වුණේ ත්‍රස්තවාදය නැති කරපු නායකයෙක් නැවත රටේ සංවර්ධන ව්‍යාපෘතිය නගාසිටුවන්න පුළුවන් නායකයෙක් තෝරා ගැනීමයි.
ඉතින් අපිට විශ්වාසයි බුද්ධියයි හැඟීමයි එක ප්‍රමාණයට එකතු කරගෙන එතුමා අපට යහපත් අනාගතයක් හදා දේවි කියලා.”
ඒ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා මහතා ජනාධිපතිවරණය අතරතුරදී දැක්වූ අදහස්ය.

“2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතරින් රට ගොඩනගන්න හැකියාවක් තියෙන පුද්ගලයා ඔහුයි. ඒ වගේම එතුමා සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නෙවෙයි. ඇත්තටම ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලවකවානුවේ එතුමාගේ ක්‍රියාකාරිත්වය වගේම නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එතුමා ක්‍රියාත්මක කළ පුළුල් වැඩපිළිවෙළ එතුමාගේ දැනුම සහ අත්දැකීම් සම්බන්ධයෙන් මට පැහැදීමක් තිබුණා. විශේෂයෙන් ම කොළඹ නගරය අලංකරණය කිරීම සම්බන්ධයෙන් වගේම 2009 – 2015 කාල වකවානුවේ ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණුවන දෙවන නගරය ලෙස කොළඹ නගරය නම් කෙරුණා. ඒ වගේම ජනතාව තුළ හික්මීම, විනය ඇති කරන එකත් රටක් හදන්න වැදගත්. එතුමා හමුදා නිලධාරියෙක් වීම හා විනයගරුකත්වය ගරු කිරීම මා විශේෂත්වයක් විදිහට දකිනවා. කතා අඩු, වැඩ වැඩියෙන් කරන නිවැරැදිව හරි දේ කරන පුද්ගලයෙක් නිසයි මං එතුමාට සහාය පළ කළේ. එතුමාගේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් අපට ලොකු පැහැදීමක් තිබෙනවා. පිරිසුදු රටක් බිහි කිරීමේ හැකියාව එතුමාට තියෙනවා. ඇත්තටම රටේ තරුණ පරම්පරාව කෙරෙහි ලබාදෙන අවධානය හරිම වැදගත්. වෘත්තීය අධ්‍යාපනය වගේම නිපුණතාවෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහිකරන්න එතුමා දරන උත්සාහය හරිම වැදගත්. රටේ තාරුණ්‍යය ශක්තිමත් බුද්ධිමත් වෙනවා කියන්නෙම අපේ රට හැදෙනවා කියන එකයි. ඒ නිසා එතුමාගේ දැක්මට මං බෙහෙවින් ප්‍රියකරනවා.”
ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුමගේ මහත්මිය ජනාධිපතිවරණය අතරතුර දැක්වූ අදහස්ය. අනතුරුව ඇය පසුගිය මහ මැතිවරණයටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයට තරග කළාය.

“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට මම සහයෝගය දැක්වූයේ විශේෂයෙන් එතුමා දේශපාලන අධිකාරිය තුළ ජනාධිපති සිහිනය කියා අගමැති සිහිනයවත් දැක්ක නැති කෙනෙක්. හැබැයි එතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය කාලේ රාජ්‍ය ආරක්ෂක ලේකම් තනතුරේ ඉඳගෙන යුද්ධය නිමා කරන්නට දැක්වූ දායකත්වය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙසින් එතුමා පෙන්වූවා වැඩක් කළ හැකි, රටක් නිර්මාණය කළ හැකි මහා පුරුෂයෙක් කියලා. යුද්ධයක් නිමා කරලා කෙටි කාලෙකින් ආසියාවේ වේගවත්ව දියුණු වෙන රට ශ්‍රී ලංකාව බව එතුමා ලෝකයට පෙන්නුවා. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ එතුමා කිසි කෙනෙකු විවේචනය කරේ නැහැ. කලාකෙත අස්වද්දන්න එතුමා ඉදිරියේ සුබවාදී තීරණ ගනීවි කියලා අපි හැමෝම හිතනවා.”
පසුගිය මැතිවරණ කිහිපය පුරාම මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි රංගන ශිල්පිනී අනූෂා දමයන්ති මහත්මිය අදහස් දැක්වූයේ එසේය.

“මං හිතන්නෙ යුගයක අවශ්‍යතාවය සඳහා වන ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ සටන තමයි පසුගියදා නිමා වුණේ. මෙතැනදි අපි දැක්ක කාරණාවක් තමයි රටට ආදරය කරන කඳවුරක් සහ රටට ආදරය නොකරන කඳවුරක් කියන කඳවුරු දෙකක් හැටියට තමයි මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වුණේ. නිරන්තරයෙන්ම කලාකරුවෝ දුන්නේ රටට ආදරය කරන මාතෘභූමියට ළෙන්ගතු, ආගමට ලැදි කඳවුරක්. ඒ හින්දා තමයි අපි ගෝඨාභය මහත්තයා ජයග්‍රහණය කරන කඳවුරට අත්වැලක් වෙන්නට තීරණ කළේ. මේ ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ මං හිතන්නේ දුටුගැමුණු රජතුමාට පස්සේ මේ රට එක්සේසත් කරපු රජ කෙනෙක් හැටියට අපිට එතුමාව හඳුන්වන්න පුළුවන්. මෙය එතුමාගේ ජයග්‍රහණය කලාකරුවන් වන අපගේ ජයග්‍රහණයක් පමණක් නොවෙයි. මෙය සමස්ත රටේම ජයග්‍රහණයක්. අපේ දුවා දරුවන්ගේ ජයග්‍රහණයක්. ආරක්ෂාවේ ජයග්‍රහණයක්. අපේ කලාවේ ජයග්‍රහණයක්. අපේ වටිනාකමේ ජයග්‍රහණයක්. ඒක හින්දා මම හිතන්නේ එතුමා මේ රට සෞභාග්‍යමත්, සෞන්දර්යාත්මක ඉසව්වක් කරා ගෙන යාවි කියා අපි විශ්වාස කරනවා.”
ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියේ එසේය.

“මගේ තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනය කරපු කෙනෙක්. ඒ හින්දා තමයි මම දේශපාලනයට අවතීර්ණ වුණේ. මහින්ද රාජපක්ෂ මහතා ජනපති වෙලා ඉන්න අවධියේ අපේ පවුලේ හැමදෙනාම එතුමාගේ දේශපාලන දිවියේ ක්‍රියාකාරී සාමාජිකයෝ. එතුමා තමයි වසර 30ක ත්‍රස්තවාදයෙන් මේ රට බේරා ගත්තේ. ඒ වික්‍රමය අපේ හදවත්වල ගැඹුරටම කිඳා බැහැලා තියෙනවා. ඒ අවධියේ ගෝඨාභය මහත්තයා තමයි ආරක්ෂක ලේකම් වෙලා හිටියේ. ඒ කාලේ එතුමා දේශපාලනයට ආධුනිකයෙක් වුණත්, කෘතහස්ත දේශපාලනඥයකු ලෙසින් එතුමා කුරිරු යුද්ධයේ ජයග්‍රහණයෙන් පසු කොළඹ නගර සංවර්ධනයට නායකත්වය දුන්නා. ගෝඨාභය මහත්තයා ජනාධිපති වශයෙන් දිවුරුම් දීලා පැය 24ක් ඇතුළත එතුමාගේ ක්‍රියා පටිපාටිය අපි හැමෝම දැක්කා. වළවල්නැති පාරවල්වල අපි ගමන් ගියේ ගෝඨාභය මහත්තයගේ නගර අංලකරණය කිරීමේ ව්‍යාපෘතිය හින්දා. අපිට හොඳටම විශ්වාසයි එතුමා ශ්‍රී ලංකාව ආසියාවේ අලංකාරම රට බවට පත් කරන එක ගැන.”
ඒ රංගන ශිල්පිනී රුවන්ති මංගලා මහත්මිය ජනාධිපතිවරණ ප්‍රචාරණ සමය තුළ දැක්වූ අදහස්ය.

මේ ආකාරයෙන් තවත් කලාකරුවන් රාශියක් ජනාධිපතිවරණ ප්‍රචාරණ සමය අතරතුර විවිධාකාරයේ අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප විය.
මේ සූදානම එම කලාකරුවන් අද ඒ පිළිබඳව දක්වන අදහස් විමසා බැලීමය. අප පළමුව ඒ සඳහා ඇමතුවේ ප්‍රවීණ රංගන ශිල්පී පාලිත සිල්වා මහතාටය. අප සමඟ අදහස් දැක්වූ පාලිත සිල්වා මහතා ප්‍රකාශ කළේ ඒ අවස්ථාවේ තමන් ගත් තීරණය පිළිබඳව අදටද සතුටු වන බවය.
“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ අදටත් ඉතාම සතුටු වෙනවා. මොකද අපිට මේ වගේ නායකයෙක් ගේන්න බැරි වුණා නම් කොවිඩ් වසංගතය හමුවේ අපිට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි වෙනවා. ලෝකයේ කොවිඩ් පාලනය කළ ලෝකයේ දියුණුම රටවල් 10 අතර අපි අද ඉන්නවා. මරණ සංඛ්‍යාව අපි පාලනය කරලා තියෙනවා.”
ඒ පාලිත සිල්වා මහතා දැක්වූ අදහස්ය.

කෙසේ නමුත් වර්තමානයේදී රටපුරා දක්නට ලැබෙන ජනතා විරෝධතා පිළිබඳව ඒ මහතාගෙන් විමසීමටද අප අමතක කළේ නැත. එයට සිල්වා මහතා පිළිතුරු දුන්නේ මෙසේය.
“ඔය විරෝධතාවලින් භාගයක්ම බොරු. ජනතාව ඉල්ලන 100%ක්ම දෙන්න රජයකට බැහැ. අපේ මිනිසුන්ට කොච්චර දුන්නත් මදිනේ. ඒ හින්දා ඒ ආකල්ප වෙනස් කරන්න බැහැ. ඒ වගේම අපේ විපක්ෂය ගැනත් යමක් කියන්න ඕනෑ. වෙන රටවල කොවිඩ් මර්දනයට විපක්ෂය මේ වගේ බාධා කළේ නැහැ. නමුත් අපේ විපක්ෂය කරන්නේ බාධා කරන එකයි.”
ඒ පාලිත සිල්වා මහතාගේ අදහස්ය.

අනතුරුව අප මේ පිළිබඳව විමසීමට සම්බන්ධ කර ගත්තේ රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම මහත්මියවය. අප සමඟ අදහස් දැක්වූ ඇය සඳහන් කළේ ඒ අවස්ථාවේ තිබුණු හොඳම විකල්පය තමන් තෝරා ගත් බවය.
“ඒ අවස්ථාවේ තිබුණු හොඳම විකල්පය තමයි අපි තෝරා ගත්තේ. ඒත් කොවිඩ් වසංගතය හින්දා එතුමාට තවම හරියට වැඩක් කර ගන්න බැරි වුණා. කොහොමත් 1948 අවුරුද්දෙන් පස්සේ ලංකාවේ පත් වුණු කිසිම රජයක් 100%ක් සාර්ථක නැහැ. ඒ හින්දා මේ රජයත් 100%ක් සාර්ථකයි කියලා මම කියන්නේ නැහැ. එතුමාගේ පාලන කාලයෙන් ඉතාම කෙටි කාලයක් තමයි තවම ගෙවිලා ගිහින් තියෙන්නේ. ඒ හින්දා ඉදිරියේදී එතුමා ඉතාම සාර්ථක පාලනයක් ගෙන යාවි කියන විශ්වාසය අප සතුව තියෙනවා. එතුමා ඒ තිබුණු ඉලක්කයන්ට යනවා කියලා අපි දන්නවා.”
හේවාමද්දුම මහත්මිය අදහස් දැක්වූයේ එසේය.
කෙසේ නමුත් පවතින ක්‍රමය වෙනස් කිරීම හෙවත් සිස්ටම් චේන්ජ් යන වදන පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් විය. එම වෙනස අද වන විට සිදුව ඇද්දැයි යන පැනයට හේවාමද්දුම මහත්මිය පිළිතුරු දුන්නේ මෙසේය.
“ඇත්තටම ඒක ජනාධිපතිවරයෙකුට තනිවම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මහා මැතිවරණයේදී කරන්න ඕනෑ දෙයක්. ඒ සඳහා පසුගිය මහ මැතිවරණයට ඉතාම හොඳ අපේක්ෂකයෝ පිරිසක් ඉදිරිපත් කරන්නත් එතුමා කටයුතු කළා. ඒත් අපේ රටේ ජනතාව තවම ඒ වෙනසට සූදානම් නැහැ. සිස්ටම් චේන්ජ් වෙන්න නම් ජනතාවගේ ඔළු වෙනස් වෙන්න ඕනෑ. ඒක ජනාධිපතිවරයෙකුට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි.”
ඒ හේවාමද්දුමගේ මහත්මියගේ අදහස්ය.

අනතුරුව අප මේ පිළිබඳව අනූෂා දමයන්ති මහත්මියගෙන්ද අදහස් විමසූ අතර එහිදී ඇය සඳහන් කළේ තමන් දේශපාලන වේදිකාවට පිවිසුනේ ජනතාව වෙනුවෙන් බවය.
“මම 2005 අවුරුද්දේ ඉඳන්ම දේශපාලන වේදිකාවට නැග්ගේ ජනතාව වෙනුවෙන්. තවම ඒකේ වෙනසක් වෙලා නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදීත් එහෙමයි. ඒත් වර්තමානයේදී අපි මුහුණ දීලා ඉන්නේ ගෝලීය වසංගතයකට කියන එක අපි තේරුම් ගන්න ඕනෑ. ඒ වගේ තත්ත්වයක රටක යම් පසුබෑමක් ඇති වෙන්න පුළුවන්.
ඒත් මම අදටත් විශ්වාස කරන දෙයක් තියෙනවා. එතුමා දිවුරුම් දුන්නේ රුවන්වැලි සෑ රදුන් ඉදිරියේ. අවුරුදු 2600ක් පුරාවට පැවත එන ඒ වගේ උතුම් පුදබිමක දිවුරුම් දුන්නු එතුමාට තමන්ගේ හෘද සාක්ෂියට පිටින් යන්න බැහැ කියන විශ්වාසය අපට තියෙනවා. මොකද මේ රටේ සොබාදහම බොහොම බලවත්. ඒ හින්දා ඊට පිටින් යන්න කාටවත් බැහැ. මේ වසංගතය හින්දා අපි එතුමාට පොඩි කාලයක් දෙන්න ඕනෑ. ඒත් එතුමා පිළිබඳ විශ්වාසය පොඩ්ඩක්වත් තවම අඩු වෙලා නැහැ කියන එකත් කියන්න ඕනෑ.”
අනූෂා දමයන්ති මහත්මිය අදහස් දැක්වූයේ එසේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීමේදී ඇතැම් කලාකරුවන් අපව මඟහැරීමට උත්සාහ කළ බවක්ද පෙනෙන්නට තිබිණි. ඔවුන්ගේ නම් මෙහි සඳහන් නොකරන්නේ එය ඔවුන්ගේ අයිතියක් වන බැවිනි. කලාකරුවන්ගේ ප්‍රකාශ පිළිබඳව නුවණින් විමසා බැලීම ජනතා අයිතියකි. මේ සටහනට නිමාව තබන්නේ එම අයිතිය පාඨක ඔබට ඉතිරි කරමිනි.

චන්දන පොන්නම්පෙරුම

Share161Tweet101SendShare40
Previous Post

DFCC – යූනියන් බැංකු 2ට ලක්ෂ 30ක දඩයක් ගහයි!

Next Post

දැරිය මියගියාට රිෂාඩ්ගේ බිරිය-මාමණ්ඩිය සහ තැරැව්කරු ඇතුළේ!

MORE NEWS

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !
Exclusive

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)
Exclusive

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!
Exclusive

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!
Exclusive

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)
Exclusive

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net