The Long March 5B booster නම් චීනය විසින් අභ්‍යවකාශ ගත කරන ලද රොකොට්ටුවක විශාල සුන්බුන් කොටසක් පාලනයකින් තොරව අද පෘථිවියට කඩා වැටීම්ට නියමිත බවත්, ශ්‍රී ලංකාවට ද වැටීමේ අවදානමක් ඇති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
මෙම යානය මැයි මස 08 වන දින 5.43 වැටීමට නියමිත බවත්, එය පැය හයකට පසු හෝ පෙර වැටිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත.
The Long March 5B booster නම් මෙම රොකට්ටුව චීනය විසින් අභ්‍යවකාශගත කර තිබුණේ පසුගිය අප්‍රේල් මස 29 වැනි දාය. ඒ ඔවුන් විසින් ගොඩනඟන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය කොටස් රැගෙන යාම සඳහායි.
එම කාර්යයෙන් අනතුරුව රොකට්ටුවේ ප්‍රධාන කොටස පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමට නියමිතය ඇත.
අභ්‍යවකාශ මධ්‍යස්ථානයයේ කොටසක් මේ වන විට පාලනයකින් තොරව පෘථිවිය කක්ෂය වටා යමින් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
මෙය වේගයෙන් පොළොව දෙසට ඇදෙන විට ගිනි ගැනීමකට ලක් වී විශාල පිපිරුමක් සිදු විය හැකි බව වැඩිදුරටත් අදහස් දක්වා ඇත.
යම් හෙයකින් මෙය පොළවට වැටුනත් එය අක්කර සියයක් පමණ වපසරියක පමණ විශාල සුන්බුන් ගොඩක් දැක ගත හැකි බව ප්‍රකාශ කර ඇත.
මෙය පෘථිවි අක්ෂාංශ 41.5 දකුණු අක්ෂාංශ 41.5 අතර කලාපයට කඩාවැටීමට නියමිත අතර මෙම සීමාව තුළ ශ්‍රී ලංකාව ද පිහිටා තිබේ.