එයාර්බස් ගනුදෙනුවකදී ඩොලර් මිලියන 2ක අල්ලසක් ගත් බව කියන චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සුව දුක් විමසීම සදහා ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍ර්‍රීඩකයකු දිනපතාම පාහේ පැමිණෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ක්‍රිකට් ක්‍රීඩකයා හා චන්ද්‍රසේන මහතා අතර සමීප ඥාති සම්බන්ධයක් තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
දිනපතාම පාහේ දිවා ආහාරය රැගෙන හෙතෙම චන්ද්‍රසේන මහතා බැලීමට පැමිණෙන බවද වාර්තා වේ.
මෙම ක්‍රිකට් ක්‍රීඩකයා 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකුව සිටියේය.