ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාරගන්නා ලෙසට ආරාධනා කිරීම සදහා රවි කරුණානායක සහ නවීන් දිසානායක යන මහත්වරුන් කරු ජයසූරිය මහතාගේ නිවෙසට ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගේ නිවෙසේ සාකච්ජාවක් පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට තිබේ.
ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසානයේදී සිය හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ තමන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවන බවත්, කරු ජයසූරිය මහතා ඊට ඉදිරිපත් කිරීමට නියමත බවත්ය.
ඒ අනුව කරුණානායක සහ දිසානායක යන මහත්වරුන් ඉතා ඉක්මනින්ම වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය යන මහත්වරුන් අතර හමුවක් සංවිධාන කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ජා කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.