ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් විදේශ ගිණුමකට බැර වීම සම්බන්ධයෙන් ඊයේ (31) පැවැති ක්‍රිකට් ආයතනයේ මහසභා රැස්වීමේදී දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරී ඇති බව දැනගන්නට ඇත.
ඒ සම්බන්ධයෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් විදේශ රටක ගිණුමකට ගිණුම්ගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී බලධාරීන් පවසා ඇත්තේ එහි වගකීම තමන්ට භාරගත නොහැකි බවකි.
ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ එය හිටපු ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමයේ සිදුවූවක් බවත්, ඊට එවකට සිටි ලේකම් කමල් පද්මසිරි මහතා වගකිව යුතු බවත්ය.
එහිදී ඊට විරෝධය පළ කොට ඇති නිශාන්ත රණතුංග මහතා කියා ඇත්තේ මොහාන් සිල්වා මහතා මෙම සිදුවීම පසුපස සිටින ඇතමුන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවත්, එවක සිටි නිලධාරීන් පවා තවමත් ක්‍රිකට් ආයතනයේ කටයුතු කරමින් සිටින බවත්ය.
කෙසේවෙතත් එම සමයෙහි භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාද මෙම රැස්වීමට සහභාගීව සිට ඇතත් අදාළ කරුණ සම්බන්ධයෙන් හෙතෙම කිසිවක් සදහන් කොට නොමැති බවද දැනගන්නට ඇත.
මීට අමතරව මොහාන් සිල්වා මහතා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාගේ සමයේ ආයතනය ලාබ ලැබූ බව පෙන්වීමට උත්සාහ දරා ඇතත් එයද ව්‍යර්ථව ගොස් ඇති බව දැනගන්නට ඇත.
එහිදී සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත්තේ අයිසීසී ආයතනයේ ආදායම් බෙදීයාමේ ආකෘතිය වෙනස් කර ගැනීමට සුමතිපාල මහතා පියවර ගැනීම හේතුවෙන් ආයතනය ලාබ ලැබූ බවකි. නමුත් ඊට අභියෝග කොට ඇති නිශාන්ත රණතුංග මහතා හැකිනම් එසේ කළ බවට වූ අයිසීසී වාර්තා ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ කොට තිබේ. එම ප්‍රකාශයත් සමග සිල්වා මහතා නිහඩ වී ඇති බව දැනගන්නට ඇත.
සුමතිපාල මහතාගේ සමයේදී නිදහස් කුසලාන තරගාවලියෙන් ආයතනය උපයා ඇත්තේ මිලියන 600ක් පමණක් බවත්, ඊට පෙර සමයේ අමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදලක් උපයා ඇති බවත් මෙහිදී හෙළිදරව් වී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම්වල තිබූ නැවත උපයා ගත නොහැකි සහ දීර්ඝකාලීනව නොපියවූ රැපියල් දෙකෝටි හතළිස් හත් ලත්ෂ විසි දෙදහස් හයසිය අසූ තුනක මුදලක් නොලැබුණු මුදල් සේ සලකා ඉදිරි කටයුතු සිදු කිරීමට අවසර ලබා දෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට ඇත.
නමුත් ඊට විධායක කමිටු නිලධාරීන්ගේ විරෝධය පළව ඇති බවද දැනගන්නට ඇත.