රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට කිසිවකුගේ අනුදැනුමකින් සහ ආත්මාරථය උදෙසා පත් කිරීම දැඩි ලෙස හෙළා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සම්මේලනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය මහ මැතිවරණයේදී තමන්ගේම මැතිවරණය තහවුරු කර ගැනීමට පවා නොහැකිව, තම පක්ෂයට අඛණ්ඩව වැඩිම මැතිවරණ පරාජයන් සංඛ්‍යාවක් ලබා දුන් අසාමාන්‍ය ලෙස දුර්වල මැතිවරණ වාර්තාවක් වික්‍රමසිංහ මහතාට ඇති බවත්, කුප්‍රකට මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ඍජුව හෝ වක්‍රව චෝදනා එල්ල වී ඇති බවත්ය.
මීට අමතරව, වික්‍රමසිංහ මහතා දිගින් දිගටම රාජපක්ෂ අවශ්‍යතා ආරක්ෂා කරමින් සහ සේවය කරමින් සිටින බවට පුලුල්ව චෝදනා එල්ල වී ඇති බවත්, ඔහු හරියටම පෙනී සිටින්නේ වත්මන් විරෝධතා ව්‍යාපාරය මේ රටේ දේශපාලන රාමුවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන දෑ වෙනුවෙන් බවත් සදහන් කොට ඇත.