පසුගිය සතියේ ලංකාවට පැමිණ සිටි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සිය ලංකා සංචාරය අවසන් කිරීමට මොහොතක් තියා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා මුණගැසී රහස් සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
දොවාල් මහතාගේ ලංකා සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසීමට නිල වශයෙන් යොදාගෙන තිබුණද සම්බන්ධන් මහතා සමග හමුවක් යොදාගෙන තිබුණේ නැත.
නමුත් අවසන් මොහොතේදී ඉන්දීය පාර්ශ්වයෙන් දැනුම් දී ඇත්තේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ නිලනිවස වන’ඉන්දියන් හවුස්’හිදී මෙම සාකච්ජාව පැවැත්විය හැකි බවකි.
ඒ අනුව දොවාල් මහතා හා සම්බන්ධන් මහතා අතර පැය භාගයක විශේෂ සාකච්ජාවක් පැවැත්වී තිබේ.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වෙනදා මෙවැනි සාකච්ජා සදහා එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කැටුව යාමට සම්බන්ධන් මහතා පියවර ගත්තද මෙදින තනිවම එම සාකච්ජාවට සහභාගීව සිටීමය.
කෙසේවෙතත් මෙම සාකච්ජාවේදී ලංකාව සම්බන්ධයෙන් දෙදෙනා අතර වැදගත් කරුණු රාශියක් සාකච්ජා වී ඇති බවක්ද දැනගන්නට ඇත.