වැලිඔය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියාට හමුදාවේ ඉහළ නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
හමුදාවේ බ්‍රිගේඩියර්වරයකු (අදාළ ලිපියේ එම නමද සදහන්ය) එම රෝහලට පැමිණ ‘පර දෙමළා, ප්‍රභාකරන්, ත්‍රස්තවාදීන්, තොපි මරනවා.. මේක මගේ ඒරියා එක’ යනුවෙන් තර්ජනය කර ඇතැයි එම ලිපියේ සඳහන් වේ.
මෙම සිද්ධියෙන් පසු එහි සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
සංගමයේ ලේකම්වරයා ගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපිය මෙසේය.
