Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කුඩු ජාවාරමට STF එකත් ගෑවෙයි

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්යය බළකායේ උප පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මරණ දඬුවම් නියම වී සිටින වෙලේ සුදා සමග දුරකථන සංවාදවල නිරතව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ මහා පරිමාණ හෙරොයින් ජාවාරමට අදාළ නඩුව ඊයේ (31 වැනිදා) යළි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් 18 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකු වන කළුපහනගේ අජිත් ප්‍රේමලාල් යන අය සැකපිට අත්අඩංගුවට ගත්තා. එම සැකකරු හෙරොයින් ජාවාරමට සම්බන්ධ වෙලා වැඩකර තිබෙනවා. එම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී දීර්ඝ වශයෙන් සමීප සම්බන්ධතා පවත්වා තිබෙනවා. එමෙන්ම වෙලේ සුදා බන්ධනාගාරගතව සිටියදී උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, ඔහුගෙන් බාධාවකින් තොරව තොරතුරු ලබාගෙන තිබෙනවා. එමෙන්ම වෙලේ සුදා සහ උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් අතර ඇතැම් දුරකථන සංවාද දීර්ඝ වේලාවක් පැවැති බවද අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටියේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ