කුරුවිට තරුණිය ඝාතනය කරනු ලැබූ වේලාව අනාවරණය කර ගැනීමට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායම් සමත්ව ඇත.
ඒ අනුව 28 වන දා රාත්‍රි කාලයත් පළමුවැනිදා අලුයම් කාලයත් අතර මෙම ඝාතනය සිදුව ඇති බව තහවුරු වී තිබේ.
එමෙන්ම තරුණියගේ හිස සම්බන්ධයෙන් වැදගත් තොරතුරක්ද මේ වනවිට අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව ඇත.
ඒ අනුව පොලිස් උපපරීක්ෂකවරයා සිය කරේ දමාගෙන යන සුපුරුදු ගමන් මල්ලට අමතරව එළියට පැමිණි අවස්ථාවේ ඒ ආකාරයේම තවත් ගමන් මල්ලක් මිලට ගෙන ඇති බව තහවුරු වී තිබේ.
තමන්ගේ සුපුරුදු ගමන් මල්ලේ තරුණිය රැගෙන ආ ඇදුම් පැලදුම් බහා ගෙන ගොස් විසිකොට ඇති උපපොලිස් පරීක්ෂකවරයා අලුතින් මිලදී ගත් ගමන් මල්ලේ තරුණියගේ හිස කොටස දමාගෙන ගොස් ඇති බව වාර්තා වී ඇත.
මෙතෙක් එම ගමන් මල්ල සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට නොහැකි වී තිබේ.