Connect with us
Advertisement

Exclusive

කොටුගොඩ හිමිට-ආනන්ද හිමිට සුබ පතන්න ජනපති පන්සලටම යයි

Published

on

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජන්ම දින සුබ පැතුම් එක්කොට ඇත.

අදට (26) යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට අද පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

මහ නා හිමියනට ආශිර්වාද පිණිස මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි පැවති දානමය පුණ්‍ය කර්මයට ද සහභාගී වූ ජනාධිපතිතුමා මහ නායක හිමිවරුන්ට දානය පිළිගැන්වීය.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් වහන්සේගේ 88 වන ජන්ම දිනය නිමිත්තෙන් නිකුත් කෙරුණු සමරු මුද්දරය ද ජනාධිපතිතුමා විසින් උන්වහන්සේ වෙත පිළිගැන්විණ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජී, කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර,  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහ නායක, බම්බලපිටිය වජිරාරාමාධිපති අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය ද අදට යෙදී තිබේ.

අද (26) දහවල් එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේගේ සුව දුක් විමසමින් උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජිවනය ප්‍රාර්ථනා කළේය.

උන්වහන්සේගේ ජනම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ සංවිධාන කර තිබෙන ලේ දන්දීමේ වැඩසටහන සහ ප්‍රදේශවාසින්ට පරිත්‍යාග කිරීම සඳහා රැස් කර තිබූ  භාණ්ඩ තොගය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

Advertisement
Exclusive4 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive11 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි