දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකමේ දීර්ඝ කාලයක් භාවිතා කරන ලද ‘සුදර්ශණ පැණිය’ කොරෝනා ආසාදිතයන්ට ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
කොරෝනා මර්දනය සඳහා දේශීය හා ආයුර්වේද ඖෂධද යොදා ගැනීමට රජය ගෙන ඇති තීන්දුවට අනුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව එම ඖෂධ රජයේ රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා ලබාදීමට මූලික එකගතාවකට පැමිණ තිබේ.
සුදර්ශන පැණිය ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමට සුදුසු බව සඳහා බටහිර වෛද්‍ය විද්‍යානුකූලව සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ බව ඒ මහතා පැවසීය.
එමෙන්ම ආයුර්වේද රෝහල් වලට කොරෝනා ආසාදිතයන් ඇතුලත් කර ඔවුනට ප්‍රතිකාර කිරීමේ මූලික එකඟතාවයකට පැමිණි බවද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.